මෙම අමාත්‍යාංශයේ ප්‍රධාන ක්‍රියාකාරකම් මොනවාද ?
  

වෙළාම, වාණිජ හා පාරිභෝගික කටයුතු සම්බන්ධයෙන් ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීම.

විදේශ වෙළ කටයුතු මහපොළ ශිෂ්‍යත් වැඩ සටහන සම්බන්ධ කටයුතු මෙහෙයවීම


                                                                                                            Top

අමාත්‍යාංශය යටතේ ඇති ආයතන මොනවාද?
  

වාණිජ ‍දෙපාර්තමේන්තුව

සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව

ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව

මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව

ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය.

පාරිභෝගික කටයුතු අධිකාරිය

සී/ස එස්.ටී. සී. ජෙනරල් ට්‍රේඩිං සමාගම

සමුපකාර තොග වෙළ සංස්ථාව

සී/ස ලංකා සළුසල

එස්.ටී. සී. මෙඩිකල් සමාගම

මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල

ශ්‍රී ලංකා ස්වයංක්‍රීය නෞහාර නිෂ්කාශන ක්‍රමය (SLACCS)


                                                                                                            Top
අසාධාරණ වෙළඳ කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි කළ යුත්තේ කා වෙතද ?‍
  

පාරිභො‍්ගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා වෙත


                                                                                                            Top

විදේශ වෙළදාම් ප්‍රවර්ධන ආශ්‍රිත ක්‍රියාකාරකම් මෙහෙයවන්නේ කුමන දෙපාර්තමේන්තුවද?
  වාණිජ දෙපාර්තමේන්තුව
                                                                                                            Top
වාණිජ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ක්‍රියාකාරකම් මොනවාද?
  

ද්වීපාර්ශ්වික, කලාපීය, හා බහු පාර්ශ්වික මට්ට‍මින් ශ්‍රී ලංකාවේ විදේශ වෙළ සබතා මෙහෙයවීම සංවර්ධනය හා ප්‍රවර්ධනය සම්බන්ධයෙන් අමාත්‍යාංශය යටතේ ඇති කේන්ද්‍රීය ආයතනය වන්නේ මෙම දෙපාර්තමේන්තුවයි.  එහි ප්‍රධාන ක්‍රියාකාරකම් පහත දක්වා ඇති මෙහෙවර ප්‍රකාශය මගින් පැහැදිලි කර ඇත.

රටේ මුළු නිෂ්පාදනය අදායම් හා රැකියා මට්ටම ඉහළ නැංවීම තුළින් ශ්‍රී ලංකාවේ සමස්ථ ආර්ථික වර්ධනය උදෙසා ක්‍රියාකාරී ලෙස දායකවෙමින් ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීමත් වඩා උසස් ජීවන තත්වයක් ලා කර ගැනීමත් අරමුණු කොට ගෙන ද්වීපාර්ශවීක (එක් එක් රටවල් සම) කලාපීය ( සප්තා, බැංකොක් වැනි කලාපීය ඒකාබද්ධතා ගිවිසුම් මගින්) හා බහු පාර්ශවීක මට්ට‍මින් ( WTO, UNCTAD හා අනෙකුත් ජාත්‍යන්තර සංසදයන්) ශ්‍රී ලංකාවේ විදේශ වෙළඳ සබඳතාවන් සංවර්ධනය හා ප්‍රවර්ධනය කිරීම

වාණිජ දෙපාර්තමේන්තුවේ සේවාවන් අතරට පහත සඳහන් සේවා‍වන් ද ඇතුළත් වේ.

  • GSP, GSTP, SAPTA, ISFTA සහ බැංකොක් ගිවිසුම යටතේ ප්‍රභවස්ථාන සහතික නිකුත් කිරීම
  • WTO, UNCTAD, ITC, CFC, ITCB, CEC, SAPTA, ESCAP ආදිය සම්බන්ධයෙන් කේන්ද්‍රීය ආනයනය ලෙස කටයුතු කිරීම
  • ජත්‍යන්තර වෙළදාම සම්බන්ධයෙන් ‍‍ජාතික සම්මන්ත්‍රණ / වැඩමුළු සංවිධානය කිරීම
  • අත්‍යවශ්‍ය තොරතුරු හා දැනුම් ව්‍යාප්ත කිරීම මගින් ජනතාව දැනුවත් කිරීම
  • වෙළදාම ප්‍රවර්ධනය කිරීම / විදේශයන්හි වෙළඳ නියෝජිකත්වය දැරීම
  • වෙළඳ ගිවිසුම්
  • වෙළඳ පැමිණිලි සම්බන්ධයෙන් ‍කටයුතු කිරීම
  • නේවාසික වීසා සම්බන්ධයෙන් නිර්දේශ නිකුත් කිරීම
  • උකස් පහත යටතේ ණය නියෝජිතායතන අනුමත කිරීම
  • දත්ත බැංකුව


                                                                                                            Top
ප්‍රභවස්ථාන සහතිකයක් යනු කුමක්ද ?
  

ප්‍රභවස්ථාන සහතිකයක් යනු අපනයනය කරන භාණ්ඩ පූර්ණ වශයෙන් මුල් රටෙහි නිපද වූ හෝ නිර්මාණය කළ හෝ එම රටෙන් ලබා ගත් බව සහතික කිරීම සඳහා යොදා ගන්නා ලියවිල්ලකි.

අපනයන ලියකියවිලි අතර එය සාමාන්‍යයෙන් අවශ්‍යතම ලියවිල්ලක් වේ.  ඊට අමතරව අපනයන භ‍ාණ්ඩයන්හී මුල් රට සදහන් කිරීමේදී ආනයනික රටෙන් විශේෂිත ආනයන තීරුබදු සහන ලබා ගැනීම සඳහා ද අපනයන රටවලට හැකියාව ලැබේ.


                                                                                                            Top
ප්‍රභවස්ථාන සහතික නිකුත් කිරීමේ අධිකාරිය ලෙස වාණිජ දෙපාර්තමේන්තුව යටතේ පවත්නා තීරුබදු සහන යෝජනා ක්‍රම මොනවාද ?
  

GSP,GSTP, ISFTA, SAPTA සහ බැංකොක් ගිවිසුම ආදි යෝජනා ක්‍රම යටතේ ප්‍රභවස්ථාන සහතික නිනකුත් කිරීමේ බලය වාණිජ දෙපාර්තමේන්තුව සතුය.  ඉහත ‍සඳහන් තීරුබදු යෝජනා ක්‍රම යටතේ ශ්‍රී ලංකාවෙන් යැවෙන අපනයන සඳහා වාණිජ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කොට ඇති ප්‍රභවස්ථාන සහතිකය අදාල නෞහාරයන් වෙත පවතී නම්, ඒ සඳහා ආනයනික රටවලදී තීරුබදු වරණයන් ලබා ගැනීමේ හැකියාව පවතී.


                                                                                                            Top

ප්‍රභවස්ථාන සහතික නිකුත් කිරීම සම්බන්ධයෙන් අදාල වන නියමික කාලවේලාවන් මොනවාද ?
  

ගෙවීම් රිසිට්පත සමග සම්පුර්ණ කරන ලද සහතික පත් වාණිජ දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්ති අංශය වෙත පෙ. ව. 9. 30 - ප. ව. 12 . 30 වන තෙක් හා  ප. ව. 1 00 සිට ප. ව. 2. 30 වන තෙක භාර ගනු ලබන අතර . අදාල සහතික පත් එදිනම නිකුත් කරනු ‍ලැ බේ.

 

ප්‍රතිපත්ති අංශය වෙත ප. ව. 2. 30 - ප. ව. 3. 30 දක්වා භාර දෙනු ලබන සහතික පත් ඊට පසු දින නිකුත් කරනු ‍ලැ බේ.


                                                                                                            Top
වාණිජ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ප්‍රභවස්ථාන සහතික සඳහා අය කරනු ලබන ගාස්තු මොනවාද ?
  

ප්‍රභවස්ථාන සහතික නිකුත් කිරීම සම්බන්ධයෙන් අදාල ගාස්තු පහත දක්වා ඇත.

ප්‍රභවස්ථාන සහතික නිකුත් කිරීම සඳහා එක් සමාගමක් වෙනුවෙන් මූලික ලියාපදිංචි කිරීමේ ගාස්තුව රු. 4500 කි. ( එක්වරක් පමණක් ගෙවිය යුතුවන)

ප්‍රභවස්ථාන සහතිකයක් නිකුත් කිරීම වෙනුවෙන් රු. 400 /= කි.  ප්‍රභවස්ථාන සහතිකයක් අවලංගු කිරීම හා අලුත් සහතිකයක් නිකුත් කිරීම සඳහා රු. 400 /= කි.

ප්‍රභවස්ථාන සහතිකයේ පිටපතක් නිකුත් කිරීම සඳහා රු. 400 /= කි.

අතිරේක පිටපත් නිකුත් කිරීම වෙනුවෙන්, සහතිකයක් නිකුත් කිරීම සඳහා රු. 200/= කි.


                                                                                                            Top

ප්‍රභවස්ථාන සහතික නිකුත් කිරීම සම්බන්ධයෙන් අදාල වන නියමික කාලවේලාවන් මොනවාද ?
  

ගෙවීම් රිසිට්පත සමග සම්පුර්ණ කරන ලද සහතික පත් වාණිජ දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්ති අංශය වෙත පෙ. ව. 9. 30 - ප. ව. 12 . 30 වන තෙක් හා  ප. ව. 1 00 සිට ප. ව. 2. 30 වන තෙක භාර ගනු ලබන අතර . අදාල සහතික පත් එදිනම නිකුත් කරනු ‍ලැ බේ.

ප්‍රතිපත්ති අංශය වෙත ප. ව. 2. 30 - ප. ව. 3. 30 දක්වා භාර දෙනු ලබන සහතික පත් ඊට පසු දින නිකුත් කරනු ‍ලැ බේ.

ගුවන් නෞහාර සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති සහතික පත් එදිනම නිකුත් කරනු ‍ලැබේ.  කෙසේ වුවද ප. ව.  3.30 ට පෙර අපනයනකරුවන් විසින් තම සහතික පත් ඉදිරිපත් කළ යුතුය.  මුදල් අයකැමි කවුන්‍ටරය විවෘතව තබන්නේ පෙ. ව. 9. 30 - ප. ව. 12. 30 තෙක් හා ප. ව. 1.00 - ප. ව. 3. 30 දක්වා පමණි.


                                                                                                            Top

සමාගමක් ලියාපදිංචි කරන්නේ කෙසේද?
  

නම අනුමත කර ගැනීමෙන් මාස 3ක් ඇතුලත සමාගම සංස්ථාගත කළ යුතු අතර, එසේ කිරීමට අපොහොසත් වුවහොත් එම සමාගම් නාමය දත්ත පාදකයෙන් ඉවත් වනු ඇත. එසේ සිදු වූ විට සමාගම් නාමය සඳහා මුල සිටම නැවතත් අයදුම් කිරීමට සිදු වනු ඇත.

පළමුව ඔබ විසින් සමාගම් නාමය තීරණය කළ යුතුය.

නම ඇතුලත්ව ඇති බව විමසා බැලී‍ෙම්න් අනතුරුව A 16 දරණ නම විමසීමේ ආකෘතිය  ( Name search form) පිරවිය යුතුය.  සමාගමේ සංස්ථා පත්‍රය හා ව්‍යවස්ථාව ඇතුලත් කෙටුම්පතක් ද මීට සමග‍ාමීව  ඉදිරිපත් කළ හැකිය.

A 16 ආකෘතිය හා සමාගමේ සංස්ථා පත්‍රය හා ව්‍යවස්ථාව ඇතුලත් කෙටුම්පත, තොරතුරු හා ලියාපදිංචි කිරීමේ ඒකකය මගින් පරීක්ෂා කෙරේ.  අයදුම් පත් පුරවා ඇති ආකාරය පදනම් කර ගනිමින් වැඩිදුර තෙ‍ාරතුරු ඉල්ලා සිටිනු ඇත. මෙය සිදු කරනු ලබන්නේ e-mail මගිනි. මුලකුරු සමග නම ඇතුලත්ව ඇත්නම් මුලකුරු වලින් කියැවෙන නම් ඉල්ලා සිටිනු ඇත.

සමාගමේ නම ද සංස්ථා පත්‍රය හා ව්‍යවස්ථාව ඇතුලත් කෙටුම්පත ද අනුමත වීමෙන් අනතුරුව ආකෘති අංක 5, 36A, 46, 47 හා අනුමත කෙටුම්පතෙහි පි‍ටපත් 2 ක් ඔබ වෙත ලබා දෙනු ඇත. එක් එක් අයදුම් පත් ඉදිරිපත් කිරීමේ දී රු. 135 /= බැගින් අය කැරනු ඇත.

අනු දත් කොටස් ප්‍රාග්ධනය පදනම් කර ගනිමින් සංස්ථාගත කිරිමේ ගාස්තු තීරණය කෙරෙන අතර, මුද්දර ගාස්තු සහ සමාගමේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අදාල ගාස්තු ද මේ අවස්ථාවේ දී ගෙවිය යුතුය.


                                                                                                            Top

ආකෘතිය 5 යනු කුමක්ද?
  

අනුකූලතා ප්‍රකාශය


                                                                                                            Top
ආකෘතිය 36 අ යනු කුමක්ද?
  

ලියාපදිංචි කාර්යාලයේ පිහිටීම


                                                                                                            Top
ආකෘතිය 46 යනු කුමක්ද?
  අධ්‍යක්ෂවරයෙකු ලෙස පහත සඳහා අනුමැතිය
                                                                                                            Top
ආකෘතිය 47 යනු කුමක්ද?
  අනුමත අධ්‍යක්ෂ මණ්ඩල ලැයිස්තුව
                                                                                                            Top
සංස්ථාගත කිරීමේ ගාස්තු යනු කුමක්ද?
  

අනුදත් කොටස් ප්‍රාග්ධනය පදනම් කර ගනිමින් සංස්ථාගත කිරිමේ ගාස්තු තිරණය කෙරෙන අතර, මුද්දර ගාස්තු සහ සමාගමේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අදාල ගාස්තුද මේ අවස්ථ‍ාවේදී ගෙවිය යුතුය.
නම ලියාපදිංචිය සඳහා දැනට‍ පවත්නා ගාස්තු රු. 255 කි.
සාමාජිකයින් සංඛ්‍යාව අනුව සංස්ථාපිත ගාස්තු

පරාසය
රුපියල්
දක්වා
ඊට වැඩි
ව්‍යවස්ථාව අනුව සාමාජිකයින් සංඛ්‍යාව අසීමිත නම්
ප්‍රාග්ධනය අනුව සංස්ථාපිත ගාස්තු


                                                                                                            Top
සමාගම් නාමය තීරණය ‍කරන්නේ කෙසේද?
  පළමුව අපගේ www.drc.gov.lk  වෙබ් අඩවිය වෙත පිවිස ලියාපදිංචි සමාගම්හී දත්ත පාදකය විමසා බැලිය යුතුය. ඔබ වෘත්තිකයෙකු හෝ සාමාන්‍ය පුද්ගලයෙකු විය හැකිය.
                                                                                                            Top
මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ කාර්යයන් මොනවාද?
  

ක්‍රියාකාරී ක්ෂේත්‍ර 03 ක් යටතේ දෙපාර්තමේන්තුවේ කාර්යයන් වර්ගකරණය කර ඇත.

i. මුලික මිනුම් විද්‍යාව
ii. කාර්මික මිනුම් විද්‍යාව
iii. නෛතික මිනුම් විද්‍යාව

එක් එක් ක්‍රියාකාරී ක්ෂේත්‍රයන් මගින් ඉටු කරනු ලබන ක්‍රියාකාරකම් පහතින් දක්වා ඇත.

අ) මුලික මිනුම් විද්‍යාව

• ශ්‍රී ලංකාවේ මිනුම් ඒකක පද්ධතිය ස්ථාපනය කිරීම
• ශ්‍රී ලංකාවේ ජාතික මිනුම් පරීක්ෂණාගාරය ස්ථාපිත කිරීම
• ජාතික මිනුම් පරීක්ෂණාගාරයේ දී ජාතික මිනුම් ප්‍රමතීන් හඳුනා ගැනීම, ස්ථාපනය කිරිම, යාවත්කාලීන කිරීම, පවත්වා ගෙන යාමේ හා ව්‍යාප්ත කිරීම.
• ජාත්‍යන්තර මිනුම් ක්‍රම වලට අනුකූලව ශ්‍රී ලංක‍ාවේ මිනුම් ක්‍රම පිහිටුවීම හා පවත්වා ගෙන යාම
• මිනුම් ඒකක ප්‍රායෝගිකව නීරූපනය කිරීම සඳහාත්, සූක්ෂම මිනුම් තාක්ෂණය පිළිබඳවත් පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදු කිරීම.
• ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක කර්මාන්ත හා නෛතික මිනුම් විද්‍යා ක්ෂේත්‍රයන් සඳහා මිනුම් රාශින් හා තාක්ෂණය ව්‍යාප්ත කිරීම හා නංවාලීම
• ශ්‍රී ලංකාවේ මිනුම් පද්ධතිය ක්‍රියාත්මක කිරීම පිණිස ක්‍රමාංකනය හා පරීක්ෂණාගාර ප්‍රතිතකරණය කිරීම හා මිනුම් තාක්ෂණ විද්‍යාව පිළිබඳ පුහුණු කිරීම හා උපදේශාත්මක සේවා සැපයීම හා මිනුම් වලට අදාල ප්‍රශ්න නිරාකරණය කිරීමේ ක්‍රම පිළිබඳව උපදෙස් ලබා දීම.

කාර්මික මිනුම් විද්‍යාව

• කර්මාන්ත වලට අවශ්‍ය මිනුම් වල ක්‍රමාංකනය සඳහා පරීක්ෂණාගාර පහසුකම් ලබා දීම.
• කර්මාන්ත මිනුම් වල ක්‍රමාංකනය, උපකරණ පාලනය හා මිනුම් ගැටලු විසදීමේ ක්‍රම පිළිබඳව පුහුණුවහා උපදෙස් සැපයී,ම.
• කර්මාන්ත මිනුම් වල සැලසුම්, නිපදවීම මිණුම් ප්‍රමිතිය, ඇගයීම හා උපකරණ වල පරීක්ෂණ ක්‍රම පිළිබඳව අදාල පිරිස් වෙත මග පෙන්වීම.
• කර්මාන්ත ලේඛණ ප්‍රමිති ක්‍රමවත් කිරීම, විද්‍යාගාර බලය පැවරීමේ වැඩසටහන් සහ නිෂ්පාදන හා තත්ව පාලන ක්‍රම සහතික කිරීමෙස් කටයුතු සඳහා විශේෂඥ සහාය ලබා දීම.

නෛතික මිනුම් විද්‍යාව

• දිස්ත්‍රික්ක සත්‍යක්ෂණ විද්‍යාගාර හා සත්‍යක්ෂණ මධ්‍යස්ථාන පිහිටුවීම. වෙළදාමේ දී භාවිතා කෙරෙන කිරුම් මිණුම් හා කිරුම් මිනුම් උපකරණ මූලික සහ නැවත සත්‍යක්ෂණය කිරීම
• වෙළෙද කටයුතු සඳහා භාවිතා වන කිරුම් පඩි, මිනුම් කිරුම් හා මිනුම් උපකරණ නිෂ්පාදනය, අලුත්වැඩියාව, ආනයනය, විකිණීම, අධීක්ෂණය හා පාලනය
• මිනුම් ඒකක ප්‍රමිති හා සේවා පනතේ වගන්ති ක්‍රියාත්මක කරමින් පාරිභෝගික ආරක්ෂාව සැලසීම.
• වෙළෙද කටයුතු වල හා කර්මාන්තයන්හි භාවිතා කිරුම්, මිනුම් හා කිරුම් මිනුම් උපකරණ මාදිලි අනුම.ත කිරීම.
• පෙර ඇසුරුම් පරීක්ෂා කිරීම හා පාලනය කිරීම  කර්මාන්ත, සෞඛ්‍ය හා පාරසරික ආරක්ෂාව සඳහා භාවිතා ‍කෙරෙන මිනුම් උපකරණවල නියෝගාත්මක ක්‍රමාංකනය
• නෛතික මිනුම් විද්‍යාව පිළිබඳව පාරිභෝගිකයා දැනුවත් කිරීම.


                                                                                                            Top
දෝෂ සහගත කිරුම් හා මිනුම් සම්බන්ධයෙන් පැමිණිලි කළ යුත්තේ කා වෙතද ?
  

අදාල දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික් ලේකම්වරයා වෙත


                                                                                                            Top
මුදා තැබීමේ මධ්‍යස්ථාන සහ කිරුම් මිනුම් උපකරණ මුදා තබන දින සම්බන්ධ තොරතුරු ලබා ගත හැක්කේ කෙසේද?
  මුදා තැබීමේ මධ්‍යස්ථාන සහ කිරුම් මිනුම් උපකරණ මුදා තබන දින සම්බන්ධ තොරතුරු ලබා ගත හැක්කේ කෙසේද?
අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් ලේකම්වරයා වෙතින් හෝ මිනුම් භාර නිලධාරියා වෙතින් අදාල තොරතුරු ලබා ගත හැකිය.

                                                                                                            Top
කිරුම් හා මිනුම් උපකරණ මිලදී ගැනී‍ම හා අළුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් පිලිගත් සමාගම් මොනවාද?
  

ම්නුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරය‍ා වෙතින් නිවැරදි තොරතුරු ලබා ගත හැකිය.

දුරකථන අංක : 011 2588914 , 011 2587199
ෆැක්ස් අංකය :  011 2597756


                                                                                                            Top
කිරුම් හා මිනුම් උපකරණ ක්‍රමාංකනය හා සත්‍යාපනය සඳහා අය කරනු ලබන ගාස්තු මොනවාද?
  සත්‍යාපන ගාස්තු 2002 -09 -16 දිනැති අංක 1254/3 දරණ අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශනයට පත් කර ඇත.
                                                                                                            Top
කිරුම් හා මිනුම් උපකරණ ක්‍රමාංකනය හා සත්‍යාපනය සඳහා අය කරනු ලබන ගාස්තු මොනවාද?
  සත්‍යාපන ගාස්තු 2002 -09 -16 දිනැති අංක 1254/3 දරණ අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශනයට පත් කර ඇත.
                                                                                                            Top
පෙර ඇසුරුම් කරන ලද පාරිභෝගික ද්‍රව්‍ය ගැසට් නිවේදන අනුව වර්ගීකරණය කොට තිබේද?
  ඔව් 2004-10-13 දිනැති අංක 1362/11 දරණ අති විශේෂ ගැසට් නිවේදනය බලන්න.
                                                                                                            Top
වාහනයක් ආනයනය කිරීම සඳහා ආනයන බලපත්‍රයක් අවශ්‍යද?
  

මො‍ටර් රථ
නවීන මෝටර් රථ ආනයනය කිරීම සඳහා ආනයන බලපත්‍ර අවශ්‍ය නොවේ. පාවිච්චි කරන ලද වාහනයක් නම් එය වසර 3 ½ කට වඩා පැරණි නොවිය යුතුය.
වාණිජ අරමුණු සඳහා ආනයනය කරන වාහන
නවීන බස්, වෑන්, ලොරි ආදි වාහන ආනයනය සඳහා ආනයන බලපත්‍ර අවශය නොවන අතර, පාවිච්චි කරන ලද වාහන නම් එය වසර 5කට වඩා පැරණි නොවිය යුතුය.


                                                                                                            Top

බටහිර ඖෂධ වර්ග ආනයනය සඳහා ආනයන බලපත්‍රයක් අවශ්‍යද?
  ඔව් - සුවද විලවුන්, උපාංග හා ඖෂධ අධීකාරියේ නිර්දේශය මත බටහිර ඖෂධ සඳහා බලපත්‍ර නිකුත් කරයි.
                                                                                                            Top
කෘමිනාශක ආනයනය කිරීම සඳහා ( කෘෂී රසායන, මදුරු දඟර ආදිය ) බලපත්‍රයක් අවශ්‍යද?
  ඔව් - අදාල රෙජිස්ට්‍රාැ්වරයාගේ නිර්දේශය මත මෙම අයිතමයන් සඳහා බලපත්‍ර නිකුත් කෙරේ.
                                                                                                            Top
ජංගම දුරකතන ආනයනය කිරීම සඳහා බලපත්‍රයක් අවශ්‍යද?
  ඔව් - විදුලි සංදේශ නියාමක කොමිසන් සභාවේ නිර්දේශය මත ජංගම දුරකථන ආනයනය සඳහා බලපත්‍ර නිකුත් කරනු ල‍ැබේ.
                                                                                                            Top
භාණ්ඩ නැව් ගත කිරීමට පෙරාතුව බලපත්‍ර පාලනයට ටයත් කොට ඇති අයිතමයන් සඳහා ආනයන බලපත්‍රයක් ලබා ගැනීම අවශ්‍යද?
  ඔව් - භාණ්ඩ නැව්ගත කිරීමට පෙරාතුව බලපත්‍රය ලබා ගැනීම අවශ්‍යය
                                                                                                            Top
තෑගි වශයෙන් දීම පිණිස වාහන ආනයනය කිරීමේදී තිබිය යුතු දේ
  

• අයදුම් පත
• ජාතික හැදුනුම්පත


                                                                                                            Top
අයදුම්පතට ඇමිණිය යුතු ලියකියවිලි මොනවාද?
  

උපැන්න සහතිකය / විවාහ සහතිකයේ පිටපතක්
පරිත්‍යාගකරන්නාගේ (donor) ගමන් බලපත්‍රයේ ජායා පිටපතක්
සේවා යෝජකයාගේ ලිපියක් ( එහි පත්වීම් ලද දිනය, දැරූ තනතුර, වැටුප, සේවා යෝජකය‍ාගේ ඊමේල් හා ෆැක්ස් අංක සඳහන් කළ යුතුය
විදේශයන්හි නියුතුව සිටි රැකියාවන් ආවරණය වන පරිදි විදේශ විනිමය ඉපයීම හා ශ්‍රී ලංකාවේ සිදු කළ ප්‍රේෂණ ආදිය ඇතුලත් බැංකු ලියකියවිලි
වාහනයේ ලියාපදිංචි සහතිකය / ලියාපදිංචිය අවලංගු කිරීමේ සහතිකය
වාහනයේ ජායාරූපයක්
‍( ලියකියවිලි සත්‍ය හා නිවැරදි බව‍ට සහතික විය යුතුය. ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් තර ඇත්නම් අදාල පුද්ගලයා ගේ නම අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති පුද්ගල නාමලේඛණයට ඇතුළත් කරනු ඇත.


                                                                                                            Top
ත්‍යාගයක් ලෙස එක් පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකු වෙත වාහනයක් එවිය හැකිද?
  

නොහැකිය. අදාල පුද්ගලයා පරිත්‍යාගශිලීයා‍ෙග් ලේ ඥාතියෙකු  විය යුතු අතර  එය උප්පන්න සහිතිකය මගින් සනාථ කළ යුතුය.
පරිත්‍යාගකරන්නා අදාල පුද්ගලයාගේ ස්වාමිපුරුෂය‍ා හෝ බිරිඳ විය යුතුය. එය සනාථ කිරීම සඳහා විවාහ සහතිකය ඉදිරිපත් කළ යුතුය.


                                                                                                            Top
පරිත්‍යාගශිලියා විසින් සඳහන් කළ යුතු තොරතුරු මොනවාද?
  


i. සම්පුර්ණ නම හා එම රටේ ස්ථිර ලිපිනය
ii. එම පුද්ගලයා එම රටේ සිටින කාල පරිච්ජේදය සම්බන්ධයෙන් අදාල
    වීසා බලපත්
iii. ව‍ිදේශ රැකියාලාභීයෙකු ලෙස සේවා සහතිකය


                                                                                                            Top
වාහනය සම්බන්ධයෙන් අදාල වන රීති මොනවාද?
  

i.   දකුණු පසින් පදවන වාහනයක් විය යුතුය.
ii.  වාහනය වසර 5කට වඩා පැරණි නොවිය යුතුය.
iii. එන්ජිමේ ධාරිතාවය
•   පෙට්‍රල් කාර් -  1800 CC  ඉක්මවා නොයන
•   ඩීසල් කාර්  -  2300 CC  ඉක්මවා නොයන
•   ජීප් කාර්  -  3000 CC  ඉක්මවා නොයන

iv. වාහනයේ වටිනාකම සඳහන් කල යුතුය.


                                                                                                            Top
කිසියම් මුදල් ප්‍රමාණයක් ගෙවීම අවශ්‍ය වේද?
  ඔව් - වාහනයේ ( මිල + රක්ෂණය + නැව් ගාස්තු ) CIF  වටිනාකමින් 15 % කට සමාන වන සේ බලපත්‍ර ගාස්තුවක් ගෙවීම අවශ්‍යය.

                                                                                                            Top
එය ගෙවිය යුත්තේ කෙසේද?
  එය බැංකු අණකරයක් මගින් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතුය
විදේශ ඉපයුම් හුවමාරු යටතේ වාහන ආනයනය කිරීම

                                                                                                            Top
Hits on this page - 5303     
     Last Modified - 27/01/2006