අදාල පාර්ශව කරුවන් සම්බන්ධයෙන් සමස්ථ වෙළඳ හා වාණිජ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම
පරිපාලන හා මානව  සම්පත් ක්‍රියාකාරකමි

• කාර්ය මණ්ඩලය තෝරා ගැනීම, පත් කිරීම හා විශ්‍රාම ගැන්වීම
• කාර්ය මණ්ඩලයේ දැනුම හා නිපුණතා ඉහළ නැංවීම
• කාර්ය මණ්ඩලයේ කාර්ය සාධනය ඇගයීම
• කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු ඉටු කිරීම
• මනා විනයක් පවත්වා‍ ගෙන යාමේ ක්‍රියාවලීන්.
• දුක්ගැනවිලි සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු ඉටු කිරීම
• ඒකාබද්ධ සන්නිවේදනය හා මහජන සබඳතා කළමනාකරණය කිරීම

ගිණුම්කරණ / මුල්‍ය හා විගණන ක්‍රියාකාරකම්

• රාජ්‍ය විගණන කමිටුව හා රාජ්‍ය ව්‍යවසාය කමිටුව වෙත වාර්තා සකස් කිරීම
• වාර්ෂිකව අයවැය ඇස්තමේන්තු සකස් කිරීම
• සැපයුම් හා සේවා ලබා ගැනීමේ ක්‍රියාවලිය   
• වාර්ෂික කාර්ය සාධන වාර්තාව සකස් කිරීම
• කාර්ය මණ්ඩල හා අනෙකුත් අය සඳහා පාරිතෝෂික ගෙවීම
• වාර්ෂික මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරිම
• ප්‍රාග්ධන වත්කම් කළමනාකරණය කිරීම
• අමාත්‍යාංශය යටතේ ඇති ආයතන විගණනය කිරීම
• අයවැය ගත ප්‍රතිපාදන අධීක්ෂණය කිරීම
• පාරිභෝගික සහනාධාර ප්‍රතිපූර්ණය කිරීම
• අරමුදල් කළමනාකරණය

ක්‍රියාකාරකම් සැලසුම් කිරීම හා අධීක්ෂණය කිරීම

• වාර්ෂික ක්‍රියාකාරී සැලසුම්  සකස් කිරීම
• ක්‍රියාකාරී සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම
• කාර්තුමය ප්‍රගති වාර්තා සකස් කිරීම
• වාර්ෂික ප්‍රගති වාර්තාව සකස් කිරීම හා පළ කිරීම
• වෙළඳාම හා වාණිජ්‍ය පිළිබඳ තොරතුරු ඇතුළත් දත්ත පාදකයක් කළමනාකරණය කිරීම
• රටේ ජීවන තත්වය හා ආහාර ආරක්ෂණය සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීම
• වෙළඳාම හා වාණිජ්‍ය වෙත බලපාන දේශිය හා ජාත්‍යන්තර සංවර්ධනයන් විමර්ශනය කිරීම
• T. C. පදනම් කොටගත් ඵලදායී තොරතුරු පද්ධතියක් සංවර්ධනය කිරීම හා ක්‍රියාත්මක කිරීම

නියාමන ක්‍රියාකාරකම්

• අදාල පනත් යටතේ රෙගුලාසි සකස් කිරීම පළ කිරීම
• අදාල ව්‍යවස්ථා සං‍ශෝධනය / යාවත්කාලීන කිරීම
• සීමා කර ඇති භාණ්ඩ ආනයනය සඳහා බලපත්‍ර ලබා ගැනීම / නිකුත් කිරීම සඳහා නිර්දේශ / ඉල්ලීම් සකස් කිරීම
• දේශිය වෙළඳ කටයුතු / පාරිභෝගික කටයුතු සම්බන්ධයෙන් උපදේශාත්මක සේවාවන් / නිර්දේශයන් ලබා දීම
• ‍ඉලෙක්ටොනික් දත්ත හුවමාරුව ( E. D. I. ) වැනි වෙළඳ පහසුකම් සැලසීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

අලෙවිකරණ කටයුතු

• වෙළඳ සල්පිල් හා ප්‍රදර්ශන පැවාත්වීම
• අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාරිභෝගික ද්‍රව්‍යයන්හි මිල හා වෙළඳපොළ හැසිරීමි රටාව සම්බන්ධයෙන් තොරතුරු එකතු කිරිම හා සකස් කිරීම

ආයතන

වාණිජ දෙපාර්තමේන්තුව
සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව
මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව
ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව
ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය.
සමුපකාර තොග වෙළඳ සංස්ථාව
සී/ස එස්.ටී. සී. ජෙනරල් ට්‍රේඩිං සමාගම
මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල
සී/ස ලංකා සළුසල
පාරිභෝගික කටයුතු අධිකාරිය

කාර්ය මණ්ඩලය

ගරු ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමා (පා.ම.) වෙළඳ, වාණිජ, පාරිභෝගික කටයුතු හා ‍අලෙවි සංවර්ධන අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධ‍ාන සංවිධායකවරයාවේ.


 
Hits on this page - 5303     
     Last Modified - 27/01/2006