ජාත්‍යන්තර හා දේශීය, වාණිජ හා ව්‍යාපාර කටයුතු සංවර්ධනයට අදාල ප්‍රතිපත්ති, වැඩසටහන් සම්පාදනය හා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ආයතන හරහා එම ප්‍රතිපත්ති හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

තරගකාරි ප්‍රතිපත්ති සංවර්ධනය හා පාරිභෝගික ආරක්ෂාව පිළිබඳ ප්‍රතිපත්ති, වැඩ සටහන් හා ව්‍යාපෘති සම්පාදනය හා අමාත්‍යාංශය යටතේ ඇති ආයතන හරහ‍ා ඒවා ක්‍රියාත්මක කිරීම

ජාත්‍යන්තර වෙළඳ සබඳතා ඇති කර ගැනීම හා සංවර්ධනය කිරීම සහ වෙළඳාම ආශ්‍රිත ක්‍රියාකාරකම්වල නියැලී සීමිත බහුපාර්ශවීක හා කලාපීය නියෝජිතායතන සමග සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම හා එම ක්‍රියාකාරකම් තුළින් ශ්‍රී ලංකාවේ වෙළඳ කටයුතු සඳහා උපරිම ප්‍රතිලාභ අත් වන සේ එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

උපාමාර්ග වශයෙන් වැදගත් වන ‍ වෙළඳ හවුල්කරුවන් වෙතින් ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභ උපරිම කිරීම.

රටේ ජනතාවට දැරිය හාකි මට්ටමක් යටතේ ජීවන වියදම පවත්වා ගෙන යාම හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය තරගකාරී මිලක් යටතේ ලබා ගැනීම  සඳහා පහසුකම් සැලසීම.
 බුද්ධිමය දේපල අයිතීන් සුරැකීම, පේටන්ට්, වෙළඳ ලකුණු ආනයන හා අපනයන පාලනය, බලපත්‍ර නිකුත් කිරීමේ යෝජනා ක්‍රම, මිනුම් කටයුතු සම්බන්ධ ප්‍රමිතීන් වැනි කටයුතු ව්‍යාපාරික ප්‍රජාවගේ මෙන්ම පාරිභෝගිකයාගේ ද යහපත උදෙසා ක්‍රියාත්මක වන බවට සහතික වීම.
 තාක්ෂණික හා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා පහසුකම් සැලසීම තුළින් ශ්‍රී ලංක‍ාව දකුණු ආසියානු කලාපයේ වාණිජ මධ්‍යස්ථානය බවට ප්‍රවර්ධනය කිරීම.
 උසස් අධ්‍යාපන අරමුණු සපුරා ගැනීම සඳහා සහන අවශ්‍ය සිසුන් වෙනුවෙන් මහපොළ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ප්‍රතිලාභ සැලසීම.

 
Hits on this page - 5303     
     Last Modified - 27/01/2006